
(තිලකරත්න දිසානායක)
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්, කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් 6ක සාමාජිකයින් සඳහා ගණේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ ඉදිකළ නිවාස ප්‍රදානය කිරීමේ අවස්ථාවක් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අගරදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි ඉතාලියේ කරිටාස් අන්තෝනියානා කතෝලික ආයතනය මගින් ප්‍රදානය කරන ලද රුපියල් ලක්ෂ 185 ක මූල්‍ය ආධාරයක් මත මෙම නිවාස ඉදිකර තිබේ.
අගරදගුරුතුමන් යටතේ පවතින සෙත් සමාජ සේවා ආයතනය මගින් මෙම නිවාස හය සහිත තෙමහල් ගොඩනැගිල්ල ඉදිකළ බව එම සමාජ සේවා ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමෝ සදහන් කළහ.
පළමු අදියර ලෙස මෙලෙස පවුල් 6කට නිවාස ලබාදුන් බවත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් තවත් පිරිසකට නිවාස ලබාදීමට කටයුතු කරන බවත් ලෝරන්ස් පියතුමෝ ප්‍රකාශ කළහ.
නිවාස බාරදීමේ අවස්ථාවට සහායක රදගුරුතුමන්ලා වන ජේ.ඩී.ඇන්තනී, ඇන්ටන් රංජිත් යන පියතුමන්ලාද, ලෝරන්ස් රංජිත් රාමනායක පියතුමා, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී දීපානී වේරගොඩ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.