IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පස්කන්දක් නිවසට කඩා වැටී පුද්ගලයෙක් මරුට

 


( කාංචන කුමාර ආරියදාස)


ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ 27 සැතපුම් කණුව ඉදිරිපිට පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් නිවසේ සිටි එක් අයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ එම නිවසේ සිටි 86 හැවිරිදි එම් .ජී .නන්දසේන නැමැති අයෙකු බවත් තුවාල ලබා ඇත්තේ මියගිය අයගේ දියණිය බව පොලීසිය කියයි.

දින දෙකක පමණ කාලයක සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟ අද (22) පෙරවරුවේ මෙම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද කඩා වැටීමේ අවදානමක පවතින බව මෙම නිවැසියන් දැක තිබේ.


පසුව නිවැසියන් කිහිප දෙනාම එළියට පැමිණ එම ස්ථානයේ නවතා තිබූ වෑන් රථය සහ භාණ්ඩ ඉවත් කිරීමට සූදානම් වෙද්දී එක වැරම කන්ද නාය ගොස් පස්කඳ ගේ තුළට කඩා වැටුණු බවත් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයා පස් කන්දට යට වී සිටි බව ඇසින් දුටු නිවෙසේ දරුවෝ සඳහන් කර සිටියහ.


පස් කන්දට යට වීමෙන් තුවාල ලැබූ මියගිය පුද්ගලයා සහ ඔහුගේ දියණිය ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරුකර එවා තිබිණි .රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම අය මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


පස් කන්ද කඩා වැටීමත් සමග නිවසට බරපතළ හානි සිදු වී ඇති අතර නිවෙස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි දෙකක් ද යට වී ඇති බව පොලීසිය සඳහන් කළේය.


 මාතලේ ගලේවෙල ප්‍රධාන  මාර්ගය පිහිටා ඇති ස්ථානයට පහළින් මෙම නිවස පිහිටා තිබේ. මෙම  ප්‍රදේශය නායයෑමේ අවදානමක් නොතිබුණු ප්‍රදේශයක් බව ප්‍රදේශවාසීහු කියති.


කෙසේවෙතත් මෙම ස්ථානයේ තවත් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සිදු කරමින් තිබියදී එම ගොඩනැගිල්ලේ  කොන්ක්‍රීට් බැමි සියල්ලම  නිවස තුලට කඩා වැටීම හේතුවෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර නිවෙස තුළ තබා තිබූ බඩු මුට්ටු රැසක්ද විනාශ වී තිබේ.


මතලේ ආපදා කළමනාකරණ නිලධාරීන් මෙන්ම ගලේවෙල පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.



අදහස් (0)

පස්කන්දක් නිවසට කඩා වැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site