(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරගහහේන  පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි, මොරගහහේන පොලිසිය කියයි. 

මෙලෙස මියගොස් ඇත්තේ නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයෙකි. 

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන, රඳවා තිබියදී රෙදිපටි කිහිපයක් යොදාගෙන ඔහු දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.