(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන්)
පොලිස් නිලධාරියකු බව පවසමින් මහ මග ගමන් ගන්නා පුද්ගලයින් පරික්ෂා කිරීමේ මුවාවෙන් , එක් ලක්ෂ තිස් දහසක් වටිනා රන් කොපුවක් , හා රුපියල් පනස් දහසක මුදලක්, අවස්ථා හතරකදී කොල්ලකා පළාගිය පුද්ගලයෙකු,හෙරොයින් ග්‍රෑම් හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි.
මෙම ජාවාරම සඳහා මහමග තිබි, අහුලාගත් , පොලිස් නිලධාරියකුගේ රාජකාරි හැඳුනුම්පතක් භාවිතා කර ඇතැයි ද පැවසේ .
සැකකරු පිළියන්දල , බෝකුන්දර , වට මාවත , හා සුවාරපොල යන ප්‍රදේශවලින් මෙසේ කොල්ලකෑම් සිදුකර තිබූ අතර ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි හතරක් ලැබී තිබුණි .
ඒ අනුව කොල්ලකෑම් සිදුකළ ස්ථාන අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී, අනාවරණය කරගත් තොරතුරකට අනුව කොල්ලකෑම සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදිය , පිලියන්දල නගරය හරහා යමින් සිටියදී 18 දා දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී , රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වටිනා, රන් කොපුව පොලිස් භාරයට ගත් අතර අවස්ථා කීපයකදී කොල්ල කන ලද රුපියල් 50,000 මුදලින් හෙරොයින් පානය කර ඇතැයි පැවසේ .
ඒ අනුව කොල්ලකෑම සඳහා භාවිතා කළ, පල්සර් වර්ගයේ යතුරු පැදියක් , සම්පූර්ණ මුහුණු ආවරණ හිස්වැසුමක්, පොලිස් නිලධාරියකුගේ රාජකාරිය හැඳුනුම්පතක් , හෙරොයින් ග්‍රෑම් 4 ,පොලිස් භාරයට ගත් බව කියයි .
පසුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ , කොරෝනා වසංගතය හේතුවෙන් හෙරොයින් පානය කිරීමට මුදල් නොමැති නිසා මහමග තිබී අහුලාගත් පොලිස් රාජකාරි හැඳුනුම්පත , මහ මග ගමන් ගන්නා පුද්ගලයින්ට පෙන්වා ,බිය ගන්වා, ඔවුන් සන්තකයේ ඇති රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් එම මුදල් වැය කොට හෙරොයින් පානය කළ බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිළියන්දල වෑවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය ට ඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් වෙස් ගෙන මං කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට