(කේ.ආර්. රාජමන්ත‍්‍රී)
පෑලියගොඩ මැනිං වෙළඳපොළට එළවළු ප‍්‍රවාහනය කරන ලොරි රථ හිමියන් එම කටයුතුවලින් අද(14) ඉවත් වීමට තීරණය කළ බව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා කීය.
පෑලියගොඩ ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව මැනිං එළවළු වෙළඳපොළ පස්වරු 4.00 සිට මධ්‍යම රාත‍්‍රි 12.00 දක්වා විවෘතව තැබීමට ගත් තීරණය ප‍්‍රායෝගික නොවන බව පවසමින් ඊට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.ඊයේ (13) සවස කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැප්පෙටිපොල ප‍්‍රදේශයේදී රැස්වු මෙම එළවළු වෙළෙදුන් හා ලොරි රථ හිමියන් මේ බව සාකච්ඡා කර ඇත.
කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා මෙසේ පැවසීය.
̕මේ මැනිං වෙළදපොළ විවෘත කිරීමේ නව වේලාව නිසා අපි ගොඩක් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. මේ වෘත්තියේ අපි දැනට වසර 40 කට අදික කාලයක සිට නිරත වෙනවා. මේ නව වේලාවට අපිට කිසිසේත් එළවළු ප‍්‍රවාහනය කරන්න බැහැ. මේ වැලිමඩ, ඌව පරණගම, නුවරඑළිය ප‍්‍රදේශවල සිට ලොරි රථයක් පෑලියගොඩට යන්න පැය 7ක විතර කාලයක් ගත වෙනවා. අපිට ගොවින්ගෙන් එළවළු අස්වනු ලැබෙනකොටම පස්වරු 4.00වත් වෙනවා. අපි ඒවා ඇසුරුම් කරලා ලොරිය මෙහෙන් පිටත් වෙනකොටම පස්වරු 7.00 වත් වෙනවා. අපි කොහොමද රාත‍්‍රි 12 වෙන්න කලින් පෑලියගොඩට යන්නේ? දැන් යනකොටත් අවම වශයෙන් පාන්දර 2.00 හෝ 4.00වත් අඩුම ගානේ වෙනවා. ඒ නිසා ඔය කියන නව වේලාවට නම් අපිට එළවළු ප‍්‍රවාහනය කරන්න බැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මේ නව වේලාව වෙනස් කරලා පෙර පැවති ආකාරයටම අපේ ලොරි ඇතුලත් කරන්න අවස්ථාව ලබා දෙන තෙක් එළවළු ප‍්‍රවාහන කටයුතුවලින් ඉවත්වෙනවා˜ කියලා යි ඒ මහතා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෑලියගොඩ වෙළඳපොළට එළවළු ගෙනෙන ලොරි රථ හිමිවරු සේවයෙන් ඉවත්වෙති