IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පලාගල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මතයි

 

(කුෂාන් ජයවර්ධන)
 
පලාගල ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂය සදහා වන අයවැය අද (17) සභාගත කෙරිණ. එහිදි එම අයවැය වැඩි ඡන්දයකින් සම්මත විය.
 
පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් අය වැය සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
 
අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවු අතර ඊට විපක්ෂව හිමි වුයේ ඡන්ද 08කි.
 
අයවැය සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදි පලාගල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිපි.එල්.ඒරසිදු(ශ්‍රිලංනිප),  ආණ්ඩු පක්ෂයේ සභිකයින් වන ඩි.එම්.ජයන්ත රාජපක්ෂ(පොජපෙ) හා ඩී.එම්.නන්දන දිසානායක (ශ්‍රිලංනිප) යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
 
විපක්ෂය නියෝජනය කරන  ජේ.අෆිස්දීන්(එජාප) හා එච්.එල්.ඉර්ෂාද් (එජාප) යන සභිකයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම ද විශේෂත්වයකි.
 
ජනතා විමුක්ති පෙරමුණේ සභිකයාද අය වැය සදහා විරුද්ධව ඡන්දය භාවිතා කළ සෙසු පිරිස අතර වූයේය.



අදහස් (0)

පලාගල ප්‍රා. සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13796 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site