(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආනවිළුන්දාව ඇතුළු පාරිසරික ලෙස වටිනාකමක් ඇති ස්ථාන විනාශ කරමින් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් බරපතල පාරිසරික හානියක් සිදුව ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්ම දස්සි නාහිමියෝ පැවසූහ.
අනුනායක නාහිමින් මේ බව පවසා සිටියේ උන්වහන්සේගේ ඡන්ම දිනයට සමගාමීව කොට්ටුකච්චිය කච්චිමඩුව ශ්‍රී ගුණානන්ද විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය.
උන්වහන්සේගේ ඡන්ම දිනයට සමගාමීව දරුවන්ට පොත් පත් සහ ප්‍රදේශයේ ජනතාවට වියළි ආහාර මළු ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්ම දස්සි නාහිමියෝ මෙසේද පැවසූහ.
‘‘පුත්තලම දිස්ත්‍රික්කයේ මේ දිනවල පරිසර හානිය වැඩි වෙලා තිබෙන බව අපි මාධ්‍ය තුළින් දකිනවා.
ආනවිළුන්දාව විවිධ ව්‍යාපෘති වෙනුවෙන් විනාශ කිරීම බරපතල තත්ත්වයක්.මේ පරිසර විනාශය තුළින් අපි කරගන්නේ අපිට හුස්ම ගන්න තිබෙන පරිසරය විනාශ කර ගැනීම.
සොබා දහම විනාශ කළා. කොල පාටට ඇසට ප්‍රිය කරන පාට. ඒ දෙවල් වෘක්ෂලතා කොයි තරම් මිනිසාට ශාන්තියක් ඇති කරනවාද. මේ සියල්ලම විනාශ කරගෙන ගියා .මේ නිසා අපිට හුස්ම ගන්න තිබෙන ඔක්සිජන් වායුව අඩු කරගෙන අඩුකරගෙන ගියා.
මේ නිසා සොබා දහම ආරක්ෂා කරගෙන සතුන්ද ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න තිබෙන පරිසරය ආරක්ෂා කර ගත යුතුයි.
සොබා දහම විනාශ වෙනවානම් එහි ප්‍රථිවිපාක ඔබට අපිට විදින්න වෙනවා.සොබා දහමත් ආරක්ෂා කරගෙන එහි ආරක්ෂාවත් හදාගෙන යන්න වර්තමාන රජයත් ජනාධිපතිතුමාවත් අපිට හැකි සෑම වේලාවකදීම දැනුවත් කරන්න කටයුතු කරනවා.
අපි අපේ කමත් සංස්කෘතියත් ජාතිකත්වයත් බෞද්ධකමත් රැකගෙන ජිවත් වීම ඉතා වැදගත්.
සමහර පිරිස් අත්තෝමතික ලෙස වැඩ කරනවා .ධනය හම්බකරමින් සොබා දහම වනසනවා .මේ සියල්ල අපි බල බලා නිහඬව සිටිනවා .නිහඬ වීම තුළින් අපි අපටම වල කපා ගන්නවා.
සොබා දහම ආරක්ෂා කර ගනිමින් යන වැඩපිළිවලකට යායුතු බව මම අවධාරණය කරනවා.
මම තවත් දෙයක් අද මෙතැනදී කියන්න උවමනායි මගේ නම ආණමඩුව ධම්ම දස්සි ලෙස සඳහන් උනත් වෙනත් නම් ලෙස ඇත්තේ කොට්ටුකච්චියේ ධම්මදස්සී ලෙසයි.
ඒ මොකද මම ජන්ම ලාභය ලබා තිබෙන්නේ කොට්ටුකච්චියේ පැවිදි වෙනකම් මම ඉදලා තිබෙන්නේ කොට්ටුකච්චියේ. මේ උස්බිම ,කච්චිමඩුව , වඩත්ත , හල්මිල්ලෑව ආදි ප්‍රදේශ වල ඉන්නේ මගේ ඥාතින්.
ඒ නිසයි ජන්ම දිනයට සමගාමීව මම මේ වැඩසටහන් සංවිධානය කරන්න කියලා අපේ වඩත්තේ සෝමානන්ද හිමියන්ට දැනුම් දුන්නේ.ඒ මේ ප්‍රදේශ මට අලුත් ගම් නොවෙයි.
මේ සියල්ලම මගේ ඥාතීන්.අද මම මේ දරුවන්ට වැඩිහිටියන්ට ලබා දෙන පොත් පත් වියළි ආහාර දින ගණනාවක මදි වෙන්න පුළුවන් නමුත් එය මම හැකි ලෙස ලබා දුන් දේවල්.ඉදිරියෙදීත් මේ පිංවතුන්ට මම උදව් උපකාර කරන්න කටයුතු කරනවා‘‘ යැයි උන් වහන්සේ පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘පාරිසරික ලෙස වටිනාකමක් ඇති ස්ථාන විනාශ කිරීම වැඩිවෙලා‘‘