IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පරන්තන්හි අනතුරකින් මව - පුතා මරුට


 
 
(රොමේෂ් මධුෂංඛ)

                             

යාපනය මහනුවර එ-9 මාර්ගයේ  කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් මව සහ පුතා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඒ-9 මාර්ගයේ උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී ගමන්ගත් තෙල් බවුසරයට ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ එකම පවුලේ මව සහ පුතා ගමන්කොට ඇති අතර එහිදී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ උමෙයියාල්පුරම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මව වූ රාධක්‍රිෂ්ණන් මීණාප්පාල් සහ ඇයගේ පුතනුවන් වූ 21 හැවිරිදි රාධක්‍රිෂ්ණණ් කිරුබාකරන් යන අය බවට හඳුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.



අදහස් (0)

පරන්තන්හි අනතුරකින් මව - පුතා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site