(ඩී.ජී.සුගතපාල)
ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙකුට, පොලිස් නිලධාරියෙකුට, ප්‍රධාන හෙද නිලධාරිණියකට සහ කුඩා දරුවෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ දකුණු පළාත් සම්බන්ධීකරණ මෙහෙයුම් මැදිරියේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
ඊයේ (15) සිදු කරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලදි ඔවුන් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත.
දේශපාලඥයින් වන්නේ රත්ගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුනේ සභිකයෙකු සහ හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයායි.
පොලිස් නිලධාරිවරයා පොලිසියේ සේවය කරන අක්මීමණ කපුහෙම්පල පදිංචි උප පොලිස් පරික්ෂකවරයෙක් වන අතර හෙද නිලධාරිණිය හිනිදුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන හෙද නිලධාරිණිය වේ.
කුඩා දරුවා වලහන්දුව පින්නදුව පදිංචි අවුරුදු 01යි මාස 03ක් වන දරුවෙකි.
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභිකයා හම්බන්තොට රෝහලටද, හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා කරන්දෙණිය රෝහලටද, උප පොලිස් පරික්ෂකවරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලටද, හෙද නිලධාරිණිය ආරච්චිකන්ද රෝහලටද, කුඩා දරුවා කරන්දෙණිය රෝහලටද ප්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත.
මෙම අයගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට නියමිත බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ප්‍රාදේශිය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුලු 5කට කොරෝනා