(නිමල කොඩිතුවක්කු)
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් රථ සේවාව පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළ දක්වා ව්‍යාප්ත කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා බලධාරීන් වෙත අද(22) උපදෙස් ලබාදුන්නේය.
මේ සඳහා නවතම මගී ප්‍රවාහන බස්රථ යෙදවීමටත් ඒ සඳහා විධිමත් මගී ප්‍රවාහන කාල සටහනක් සැකසීමටත් අවශය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේදි පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරිමේදි හඳුනාගත් අඩුපාඩු පිළිබඳව මෙහිදී සාකච්ඡා වු අතර නුදුරේදීම එම සේවාව හඳුනාගත් ප්‍රවාහන කොරිඩො කීහිපයක් සදහා ව්‍යාප්ත කිරිමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහිදි තීරණය විය. පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාවේ දැනට පවතින දුර්වලතා මග හරවාගෙන එම සේවය තව දුරටත් කාර්යක්ෂමව ව්‍යාප්ත කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අමාත්‍යවරයා විසින් නිළධාරින්ට උපදෙස් ලබා දිම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ බස් රථ සේවාව පිළියන්දල දක්වා