IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පින්නවල නිරෝධාන මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි

(එම්.ආර් ප්‍රියශාන්ත)
 
කොවිඩ් 19  නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වු   රඹුක්කන පින්නවල  ඇගලුම් ආයතනය කොවිඩ් - 19 ප්‍රතිකාර රෝහලක් ලෙස ස්ථාපිත කර ඇති අතර එහි ආසාදිතයින් 230 ක් දැනට ප්‍රතිකාර ලබයි.
 
දිවයිනේ විවිධ ප්‍රදේශ වල පී.සී.ආර්. පරික්ෂණ  මගින් තහවුරු වන  කොවිඩ් - 19 ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම සදහා මෙම ඇගලුම් ආයතනයේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක කෙරේ .
 
මේ අතර නොවැම්බර් 1 දින මාවනැල්ලේ වාර් තා වු ආසාදිතයින් 18 දෙනාත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින්ගේ ගණන 104 දක්වා වැඩිවී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි .
 
මාවනැල්ල , හෙම්මාතගම , ගලිගමුව ,බුලත්කොහුපිටිය , ගලිගමුව සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද වෛද්‍යවරයා පැවසීය.
 
මේ වන දිස්ත්‍රික්කය පුරා පුද්ගලයින් 3501 ක් නිරෝධායනයට ලක් කර ඇති බවද වෛද්‍යවරයා පැවසීය.
 
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන රඹුක්කන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ කොවිඩ් රෝගීන් 77 දෙනෙකු  හා  උදුගොඩ රෝහලේ  ආසාදිතයින් 97 දෙනෙකු  ප්‍රතිකාර ලබන බවද දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා සදහන් කලේය.
 
කිතුල්ගල , වරකාපොල , බෙලිගල රෝහල් 3 ද හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරිම සදහා සුදානම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .



අදහස් (0)

පින්නවල නිරෝධාන මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site