IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පෞද්ගලික නවාතැන්පළකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

(ඔගස්ටින් ප්‍රනාන්දු)
        

හලාවත මැල්පුර සේද උයන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික නවාතැන්පළකට විරෝධය පළ කරමින් අද (29) පෙරවරු හලාවත නගරවාසීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටියහ.

සේද උයන එකමුතු  සුභ සාධක සංගමයේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව පැවැති අතර ඊට ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.

ප්‍රදේශ‍වාසින්ගේ  විරෝධතාව නොතකා බලගතු හස්තයක ආධාරයෙන් අනුමැතිය ලබා සීමිත ඉඩකඩක ඉදිකර ඇති ගොඩනැගිල්ලක මෙම නවාතැන්පළ පවත්වා ගෙන යනු ලබන අතර එහි කාමර කුලියට දීම නිසා විවිධ අසංවර කටයුතු සිදුවන බවත්, ළාබාල ගැහැණු දරුවන් නිතර මෙම නවාතැන වෙත රැගෙන එනු දකින බවත් හේතුවෙන්  එය තහනම් කරන ලෙසින් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

පොලිසිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හලාවත  නගරසභාව වෙත තම විරෝධතාව ලිඛිත විරෝධය ඉදිරිපත් කර ඇති බවත් විරෝධතාකරුවෝ කීහ.

පැයක පමණ කාලයක් විරෝධතාව පැවැති අතර පසුව පිරිස විසිර ගියහ.



අදහස් (0)

පෞද්ගලික නවාතැන්පළකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32359 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14869 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site