IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ මූල්‍ය ආයතනයකට එරෙහිව විරෝධතා

 ( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුද්ගලික බැංකුවකින් තමන්ට ණය ලබා දෙන බව පවසමින් ලබා ගත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් පුත්තලම නගරයේ පුද්ගලික ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන  බැංකුවක වහලයට    නැගි විරෝධතාවයක් අද ( 30 ) නිරත වුහ

මෙසේ විරෝධතාවයක නිරත වුයේ මදුරන්කුලිය කිර්තිසිංහ ගම්මානයේ කාන්තාවන් පිරිසකී.

කාන්තාවන් පවසන්නේ තමන්ට පුත්තලම නගරයේ අදාල ශුද්ධ මූල්‍ය ණය ලබා දෙන අදාල බැංකු ශාඛාව මගින් ලක්ෂ දෙකකට අධික ණය මුදලක් ලබා දෙන බව පවසමින් මසකට පෙර එක් අයකුගෙන් රුපියල් 10,000 බැගින් අය කල බවයි.

එසේ අය කලද අදාල ණය මුදල දිගින් දිගටම ප්‍රමාද කිරිම නිසා ඒ පිළිබදව කල විමසිමේදි අදාල ණය මුදල ලබා දිය නොහැකි බව පවසා බවත් ලබා ගත් මුදල්ද නැවත ලබා දිමට ‍නොහැකි බවත්ය .

මේ නිසා තමන් අවස්ථා ගනනාවක අදාල ශුද්ධ මූල්‍ය බැංකුවට ලබා දුන් මුදල් ඉල්ලා සිටියද එය නොලැබිම නිසා මෙසේ බැංකුවට පැමින එහි ඉහල මාලයට නැගි විරෝධතාවය ඇරඹු බවය.

කාන්තාවන් කිප දෙනෙකු අදාල බැංකුවේ ඉහල මාලයට නැගි විරෝධතාවයේ නිරත වද්දි තවත් පිරිසක් බැංකුව ඉදිරිපරිපි‍ට සිට විරෝධතාවයට සහාය දක්වා තිබේනු දැක ගත හැකි විනි.

සිද්දියත් සමග අදාල ස්ථානයට පැමිනි පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස මහතා මෙම කාන්තාවන් හා බැංකු කළමණාකාරිත්වය සමග සාකජ්ජා ‍මෙම කාන්තාවන්ගෙන් බැංකුව ලබා ගෙන ඇති මුදල් දෙසැම්බර් 3 දින ලබා දිමට කටයුතු කරන බවට ලබා දුන් පොරෝන්දුව මත ඉවත් ව යාම සිදුවිනි.



අදහස් (0)

පුත්තලමේ මූල්‍ය ආයතනයකට එරෙහිව විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site