(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ මග දෙපස වන පැල ලක්ෂයක් සිටුවීම ජනතාවත් සමග එක්ව අරඹන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා අද(17 ) දින පැවසිය.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මේ බව පවසා සිටියේ ආඩිගම හෙල්ත් කලබ් තරුණ කණ්ඩායම සංවිධානය කර තිබු මාර්ග දෙපස පැළ සිටුවීමේ කටයුත්තකට එක් වෙමිනි.
මෙහිදි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව තමන් සියලු කණ්ඩායම් එක් කරගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග දෙපස පැළ ලක්ෂයක් සිටුවීමට ඉදිරියේදි කටයුතු කරන බවයි.
ඇමතිවරයා පවසා සිටියේ තමන් වයඹ පළාත් සභා ධීවර ඇමති ධුරය දැරූ සමයේදී ද කඩොලාන පැළ ලක්ෂයක් සිට වූ බවය.
ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු පද්ධති ආශ්‍රීතව කඩොලාන පැළ ලක්ෂයක් නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලම මග දෙපස පැළ ලක්ෂයක් සිටුවන්න ඇමැති සැරසෙයි