IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිටවානෙන් පහළට යතුරුපැදිය පෙරැළි අයෙක් මරුට

(ක.ග. කරුණාරත්න)   
                                    
පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පිහිටි අලුත්වැවේ පිටවානෙන් පහලට  යතුරුපැදියක් පෙරැළියාමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව,කදුරුවෙල පිහිටි පශූ වෛද්‍ය කෘතිම සිංචන මධ්‍යස්ථානයේ නිල නිවාසයෙක පදිංචිව සිටි එස්.ටී.චන්ද්‍රසේන දිවාගර නැමැති 55 හැවිරිදි තිදරු පියෙකි. 

වැවේ පිටවාන මතින්වූ අඩි 03ක් පමණ පටු පාලම ඔස්සේ යතුරු පැදිය ධාවනය කරමින් තිබියදී එය ලිස්සායාමෙන් මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (06) පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

පොලොන්නරුව පොලීසිය  මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වත්වයි.



අදහස් (0)

පිටවානෙන් පහළට යතුරුපැදිය පෙරැළි අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site