IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැයත් සම්මතයි

(මොහොමඩ්  ආසික්)

පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ 2021 වසර සඳහා වන අයවැය කෙටුම්පත  අද (17)  එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අයවැය ඡන්ද 16 කින් සම්මත විය.

මෙම අයවැය විවාදයට එක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ, වත්මන් රජයේ පළමු වන අයවැය ඉදිරිපත් කරන අද දිනයේ දී පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ තුන්වන අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. කෙසේ නමුත් එක්සත්  ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කළේ, මෙවර අයවැය මගින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමක් සිදු නොවන බැවින්  අයවැය ඡන්ද විමසීමේදී ස්වාධින වන  බවයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමත් සමඟ අයවැය කෙටුම්පත සම්බන්ධයෙන්ව  මතය විමසූ අතර, එහිදී  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්  අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු  5දෙනෙක් ස්වාධිනව සිටියහ.  

මෙම මතය විමසන අවස්ථාවේදී උප සභාපති ඒ.එල්.එම්.රසාන්( ශ්‍රිලමුකො) පොදු  ජන පෙරමුණ මන්ත්‍රී අජිත් සමරතුංග,  ජවිපෙ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මන්ත්‍රීවරුන් සහ එක්සත්ජාතික පක්ෂයේ එස් .එම්.කලීල් සහ සුනිල් කොටුගොඩැල්ල යන මන්ත්‍රීවරු ද සභාව තුල නොසිටියහ.



අදහස් (0)

පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැයත් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site