IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධී තේක්ක දැව කඳන් සමග අයෙක් අත්අඩංගුවට

(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ජනපදයේ දකුණු ඉවුරේ පිහිටි ඉඩමකින් නීති විරෝධීව කපන ලද බව කියන තේක්ක දැව කඳන් 40ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය පැවසීය.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) මගින් ලද තොරතුරකට අනුව ඊයේ (19)  සවස මෙම වැටලීම සිදුකළ බවත් එම අවස්ථාවේදී එහි සිට පලාගිය බව කියන තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරයි.

මෙම තේක්ක දැව ගස් පිහිටි ඉඩම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පවතින ආරවුලක් හේතුවෙන් අදාළ ප්‍රදේශය බාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ තහනමට ලක්ව නීතිමය කටයුතු කරගෙන යමින් පවතින එකක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අත් අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම පිළිබඳව දැව සංස්ථාව මගින්  තක්සේරු වාර්තාවක් ලබා ගැනීමටත්, අනතුරුව සැකකරු සමග එම දැව තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

නීති විරෝධී තේක්ක දැව කඳන් සමග අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 419 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 209 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1915 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site