IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නිවාස 5කින් ලක්ෂ ගණනක දේපළ සොරාගත් අයෙකු දැලේ

(මොහොමඩ්  ආසික්)

කටුගස්තොට  පොලිස් බල ප්‍රදේශයට අයත් නිවාස පහකින් රුපියල් ලක්ෂ ගණනක දේපළ  සොරා ගත් පුද්ගලයකු අද (14)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  කටුගස්තොට ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයෙකි.

කටුගස්තොට ප්‍රදේශයේ  නිවාස කිහිපයකින් ම දේපළ සොරාගෙන ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිලි අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සොරා ගත් භාණඩ අතර  රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, සීසිටීවි කැමරාවල කොටස්, යකඩ බට, විදුලි පංකා,  ගෑස් සිලින්ඩර්,  වීදුරු භාණ්ඩ, රබර් නළ,  පිඟන් භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් වන බව පොලිසිය කියයි.

මෙම සැකකරු  නිවෙස් බිඳ සොරා ගන්නා ලද භාණ්ඩ විවිධ ස්ථානවලට විකුණා ඇති බවද,  රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා සොරාගත් දේපළ ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. ඔහුට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මින් පෙර ද නඩු කිහිපයක් ම අධිකරණයේ පැවැති බවත් පොලිසිය කියයි.

සැකකරු අද  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිවාස 5කින් ලක්ෂ ගණනක දේපළ සොරාගත් අයෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1751 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site