
(චන්ද්‍රසිරි ගුණසේකර)
නිරෝධායන නීතිරීතී හා සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් අද (18) පැවැත්වීමට සූදානම් කර තිබූ දියණියකගේ වැඩිවිය පැමිණවීමේ උත්සවයක් කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් නතර කරවා තිබේ.
කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය සේවකයකුගේ නිවසක නෑදෑ හිතමිතුරන් 200කට පමණ ආරාධනා කර මෙම උත්සවය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබී ඇත.
මෙය මේ ආකාරයෙන් නොපවත්වන ලෙස කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම රාජ්‍ය නිලධාරීයා වූ නිවෙස් හිමියාට උපදෙස් දී තිබියදී අද (18) දහවල් මෙම උත්සවය පැවැත්වීමට ඔහු සූදානම් වී ඇත.
මේ පිළිබදව ගම්වාසීන්ගෙන් ලද පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සමග එහි ගිය කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදසිංහ මහතා වහාම මෙම උත්සවය නතර කරන ලෙස දන්වා ඇත. එසේ නොකළොත් නිරෝධායන නීතිරීති යටතේ අත් අඩංගුවට ගෙන නඩු පවරන බව පැවසීමෙන් පසු නිවෙස් හිමියන් උත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීම නතර කර තිබේ.
ඒ වන විටත් 200කට පමණ දහවල් ආහාර පිළියෙල කර තිබී ඇති අතර නිවෙස් හිමියන් විසින් ඒවා පාර්සල් කර සිය කාර්යාල හිතමිතුරන්ට හා ඥාතීන්ට බෙදා දුන් බව දැනගන්නට ලැබුණි.
මේ අතර කරන්දෙණිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොටවෙල නිවසක එක්දහස් දෙසීයකට පමණ ආරාධනා කර 20 වෙනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ කොටහළු උත්සවයක්ද නතර කිරීමට පියවර ගත් බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවසක සාදයක් සෞඛ්‍ය අංශ පැමිණ නවතයි