(ටෝනි කරුණානායක)
වේයන්ගොඩ කුඔල්ඔළුව , ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී-56 මැගසින් එකක් සහිත උණ්ඩ 30 ක්, යුදහමුදා ඇදුම් කට්ටල 03 ක් සහ කඩුවක් අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත එම නිවස පරික්ෂා කිරිමේ දී ඉහත ඛාණ්ඩ සොයා ගත් බවත් එම නිවස යුදහමුදාවේ සේවය කරන යුදහමුදා නිලධාරියෙකුට අයත් බව පොලිසිය පවසයි.
සැකකාර යුදහමුදා නිලධාරිවරයා කොහුවල ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා යුදහමුදා පොලිසියේ සහාය ලබා ගන්නා බව පොලිසිය වැඩිදුරටත් පැවසිය.
ගම්පහ කොට්ඨාසබාර ජේ .පො.අ . ඉන්දික ද සිල්වා මහතා ගේ අධීක්ෂණය මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතා ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව, අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න යන නිලධාරින් ඇතුළු පිරිසක් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරනු ලබයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිවසකින් යුද හමුදා ඇඳුම් කට්ටල-උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවෙයි