(රංජිත් රාජපක්ෂ)
නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු නිවාස පේලියක අද (27) ගින්නක් හටගෙන ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
අද රාත්‍රි 7 ට පමණ හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියට අයත් වතු නිවාස 12 සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙමින් පවතින බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලටද පැතිර ගිය අතර ගින්න පාලනය කිරිමට නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වෙමින් සිටියි.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් බඩු බාහිරාදිය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්නෙන් පවුල් 12කට අයත් සමාජිකයන් 72 ක් අවතැන් වී ඇති අතර ඔහුන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නොර්වුඩ් ප්‍රදේශයේ වතු නිවාස පේලියක ගින්නක්