(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ ,සාද ,පැවැත්වීම තහනම් කර තිබියදී නිරෝධායන පනත් උල්ලංඝනය කරමින් බේරුවල නල්ල හේන ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පස් දෙනකු ඊයේ (3) අත්අඩංගුවට ගත් බව කියයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් මිලිග්‍රෑම් 3150ක්, ගංජා පැකට් දෙකක් ,සහ නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කර තිබෙන විදෙස් දුම්වැටි 120 වන තහනම් ද්‍රව්‍ය සමග නිවෙස් හිමි සැකකාර ධීවර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙම නීති විරෝධී සාදය පෙර දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කර පොලිසිය වටලන තෙක්ම පවත්වා ඇති බව කියයි .
මෙම සාදය සංවිධානය කළ පුද්ගලයා බේරුවල නල්ලහේන ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකු බවත් ඔහුගේ බාල වයස්කාර දරුවකු ගේ උපන් දිනය සැමරිම වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති බවත් අසල්වාසී නිවැසියන්ට මෙමගින් දිගින් දිගට වූ හිරිහැරයක්
හේතුවෙන් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලිකවම ලද දුරකථන ඇමතුම් වලින් අනතුරුව මෙම නිවස පොලිස් කණ්ඩායමක් වැටලූ බව කියයි .
සාදය පැවති නිවස වැටලීමේදී බලපිටිය , හික්කඩුව වැනි පිටස්තර ප්‍රදේශ වල සැකකරුවන් සිව් දෙනකු ද මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේන අතර ඉන් එක් සැකකරුවෙකුට අයත් සාදයට පැමිණි බව කියන මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
පොලිස් කාන්තා නිලධාරිනියක් ඇතුළු කණ්ඩායම එම නිවස වටලන අවස්ථාවේ නිවෙසි හිමියාගේ බිරිඳ වන කාන්තාව, දරුවන් ඇතුළු තවත් කාන්තාවන් පිරිසක් නිවසේ සිට ඇති බව කියයි .
අත්අඩංගුවට ගත් පිරිස එම අවස්ථාවේ කොරෝනා නීති සියල්ල ම උල්ලංඝනය කරමින් සිටි බවත් නිවස වැටලීමට ගිය නිලධාරීන් කියයි .
අත්අඩංගුව සැකකරුවන් පස් දෙනා (4) දින කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සාදය සංවිධානය කළ පුද්ගලයා බේරුවල නල්ලහේන ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකු බවත් ඔහුගේ බාල වයස්කාර දරුවකු ගේ උපන් දිනය සැමරිම වෙනුවෙන් සාදය පවත්වා ඇති බවත් අසල්වාසී නිවැසියන්ට මෙමගින් දිගින් දිගට වූ හිරිහැරයක්
හේතුවෙන් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලිකවම ලද දුරකථන ඇමතුම් වලින් අනතුරුව මෙම නිවස පොලිස් කණ්ඩායමක් වැටලූ බව කියයි .
2025 නොවැම්බර් මස 04
649
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිරෝධායන නීති කඩමින් කෙරූ උපන්දින සාදයක් වටලයි