(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරයේ පදිංචි කාන්තාවක් නිරෝධායනයට යොමුකර තිබියදී, නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල ප්‍රදේශයේ රෝහලකට රෝහලට බැලීමට ගොස් ඇති බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඵම්. අමරතිලක මහතා අද(28) පැවසීය.
මෙම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ රෝහලක පවිත්‍රතා අංශයේ සේවය කර තිබේ.
ඵම අංශයේ සේවිකාවකට කොවිඩි 19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග මෙම කාන්තාව නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් කටයුතු යොදා ඇත.මෙසේ නිරෝධායනයට යොමුකර තිබියදී ඇය ඊයේ(27) සිය රෝගී මව බැලීමට කුරුණෑගල නගරයේ රෝහලක් වෙත කුලී ත්‍රිරෝද රථයකින් ගොස්ඇත.
කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේ ඵම කාන්තාව නිවසින් බැහැරව ගොස් තිබී ඇතැයි ආරංචි වී තිබේ.මේ පිළිබදව මෙම කාන්තාවගෙන් දුරකතනයෙන් විමසු පසු පවසා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ රෝහලකට තම මව ඇතුලත් කර ඇති බවත් තම මව බැලීමට තමා පැමිණ ඇති බවත්ය.
මෙම සිදුවීම පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සිදුකරන බව මහජන සෞඛ්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායනයේ සිටි කෑගල්ලේ කතක් කුරුණෑගල ගිහින්