IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයකුගේ මළ සිරුරක් මහමග

 ( එච්. චන්දන )
 
නීරෝධයනය අවසන් කර තම නිවස බලා යමින් සිටි අයෙකුගේ මළ සිරුරක් පුත්තලම ආනන්ද මාවතට හැරෙන ස්ථානයේ මහ මග තිබී හමුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ පුත්තලම -  කුරුණෑගල  පාර  අංක 186  සි 01 පදිංචිව සිටි ධර්මලිංගම් වසන්දනාදන් (අවු:55) නම් අයෙකි. ඔහු අබ්දුල් මලික් නමින් ඉස්ලාම් ආගම වෙත ගොස් ඇති බව පසුව හදුනා ගෙන තිබේ.
 
පුත්තලම පොලීසිය හා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දැනුම් දීම මත ඔහුගේ පවුගේ ඥාතීන් විසින් සිරුර  හදුනා ගන්නා ලදී.
 
මෙම පුද්ගලයා හෙට්ටිපොල ප්‍රදේශයේ ආපන ශාලාවක (හෝටලයක) සේවය කරමින් සිට ඇත.එම හෝටලයට පැමිණ ගිය අයෙකු කොරෝනා ආසාධිතයෙකු  බවට තහවුරු වීමෙන් අනතුරුව එහි සේවය කළ සියලුම දෙනා නීරෝධායනයට යොමු කර ඇත.ඔවුන් නීරෝධායනය වී ඇත්තේ සේවය කරමින් සිට ඇති හෝටලය තුළමය.
 
 05 වැනිදා ඔහු තම නීරෝධායනය අවසන් කර නිවස බලා පැමිණ ඇත. නමුත් ඔහු නිවසට ගොස් නැති බව පොලීසිය විසින් කරන ලද විමර්ශනවලදී හෙලිවී තිබේ.ඔහු සම්බන්ධයෙන් සිදු කර ඇති අවසන් පී.සී.ආර්.පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හෙතෙම කොරෝනා ආසාධිතයෙකු නොවන බවය.

නැවත වරක් ඔහුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු  සිදු කරනු ලබයි.



අදහස් (0)

නිරෝධායනය අවසන්ව නිවසට යමින් සිටි අයකුගේ මළ සිරුරක් මහමග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site