IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට



(අඟුරුවාතොට මංගල එදිරිසිංහ)

හොරණ අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ මදුරාවල මහාවිද්‍යාලය ඉදිරිපිට නිවසක නීතිවිරෝධී කැණීමක් සිදුකරමින් නිධන් හාරමින් සිටි පිරිසක් අදාළ යන්ත්‍රෝපකරණ සමග අද (10) අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙනඇති අතර බර්ගර් ජාතික තරුණියක් ද ඒ අතර වෙයි.


මෙම පිරිස මතුගම, දොඩන්ගොඩ, ගල්කිස්ස, මොරටුව, කළුතර, පයාගල, අගලවත්ත සහ තුඩුගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මීට මාස කිහිපයක සිට මෙම නිවස කුලියට ගෙන ඔවුන් පදිංචිව සිට ඇති අතර දිනකිහිපයක සිට ළිඳක් කපන බවට ප්‍රදේශවාසීන්ට සඟවා මෙම නිධන් හෑරීමේ යෙදී සිට ඇත. පසුව අධිබල ඩෙටනේටර් සහ කළුගල් විදින කම්ප්‍රෙෂර් පවා යොදා ගනිමින් අඩි 20 ක් ගැඹුරැති අඩි 40ක් පමණ පළලැති වලක් කපා නිධන් හෑරීමේ නිරතව සිට ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වැගන් ආර්. රථයක්, ටාටා කැබ් රථයක්, ජෙලිග්නයිට් කුරු 10ක්, අධිබලැති කම්ප්‍රෙෂර් යන්ත්‍රයක්, ඩෙටනේටර් 8ක්, වෙඩි ලුණු කිලෝ 10ක් පමණ, සේවා නූල් තොගයක්, දිග යකඩ ඉනිමගක් සහ වතුර පොම්පයක් වේ.

බස්නාහිර පළාත් බුද්ධිඅංශයේ පොලිස් සැරයන් රොහාන් මහතාගෙන් (9294)  ලද තොරතුරක් අනුව අඟුරුවාතොට පොලිස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.



අදහස් (0)

නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site