(ක.ග කරුණාරත්න)
නිධානයකින් ලබාගත් වටිනා මැණික් ගල් බව පවසා ව්‍යාජ මැණික් ගල් 03ක් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි මවකට සහ ඇගේ දියණියකට රුපියල් ලක්ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් වෙද්දී දේවාලයක කපුවෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු එම ව්‍යාජ මැණික් ගල් සමඟ අද (16) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
සැකකරුවන් පොළොන්නරුව, නවනගරය, අක්කර 500 සහ දිඹුලාගල සොරිවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.
මෙම ජාවාරමේ මහ මොළකරු වන පොළොන්නරුව,අක්කර 500 පදිංචි සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවද අනාවරණයවී තිබේ.
මේ අතර කපුවා දිඹුලාගල සොරිවිල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවද පොලීසිය පැවැසීය.
මෙම ජාවාරමට අදාලව අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් සැකකරුවන් දෙදෙනා විසින් එම මව සහ දියණියගෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලීසිය සඳහන් කළේය.
මෙම සැකරුවන් විසින් මීට පෙර මෙවැනි ජාවාරම් සිදුකර ඇතිද යන්න සොයා බලන බවද පොලීසිය පැවැසීය. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නිධානයකින් ගත්තැයි කියා ලක්ෂ 10 කට ව්‍යාජ මැණික් විකුණන්න හදලා