
( රොමේෂ් මධූෂංඛ)
මන්නාරම මුහුදු තීරයේ ස්ථාන ස්ථාන කිහිපයකදී නීතිවිරෝධීව මසුන් ඇල්ලූ සහ හක්බෙල්ලන් ළඟ තබා සිටි මෙරට ධීවරයින් 10 දෙනෙකු ධීවර යාත්‍රා 03 ක් සමගින් හක්බෙල්ලන් 247ක් හා මුහුදු කූඩැල්ලන් කිලෝ 625 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් විසින් පසුගිය දින තුනක් තුල මන්නාරම මුහුදු තීරයේ, චුණ්ඩිකුලම් උතුරු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 06 දෙනෙකු හා මුහුදු කූඩැල්ලන් 54 ක් සමග ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අනතුරුව උතුරු මැද නාවික විධානය මගින් වංකාලෙපාඩු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසිකදී නීතිවිරෝධීව මසුන් අලමින් සිටි දෙදෙනකුද ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
ඉන් අනතුරුව මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ මන්නාරම පොලිස් විශේෂකාර්ය බලකායේද සහය ඇතිව සිදු කරන ලද සෝදිසියකදී නිවසක් තුළ සඟවා තිබූ හක් බෙල්ලන් 247 ක් සමග මුහුදු කූඩැල්ලන් කිලෝ 625 ක් සමගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස් මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ත් 46 ත් අතර පිරිස් වන අතර අත්අඩංගුවට ගත් පිරිස් හා උපකරණ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට කටයුතු කරන ලදි.


2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීති විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 10 ක් අත්අඩංගුවට