
(හේමලතා ඩී. හේවගේ)
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බෝතලේගම පාසල් මාවතේ පිහිටි පෞද්ගලික ඉඩමකට එම ඉඩමේ හිමිකරු විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවෙන් එකතුකරනලද ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලිකසළ රැගෙනවිත් මුදාහැරීමෙන්, ඒවා ජලයට මුසුවී අවට කුඹුරුවලටගලා යෑම නිසා එම කුඹුරු වගාකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කුඹුරු ඉඩම් හිමියෝ පවසති.
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට අයත් බව පවසන මෙම ඉඩමේ හිමිකරු විසින් අපද්‍රව්‍ය ප්‍රාදේශීය සභාව හරහා රැගෙනවිත් ඉඩමේ ගොඩගසා ඇති බවත් ඒවා මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග ජලයට මුසුවීම නිසා මේ තත්වය උද්ගතවී ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්වත්ත පොලිස්ථානය, දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම කමිටුව, දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට මේවන විටත් පැමිණිලි කර ඇති බවත් ඔවුහු පවසති.
මෙම ඇතිවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකුගෙන් කළ විමසීමේ දී ඔහු පැවසූවේ අදාළ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් ඊයේ (08) කළ බවත් එම සිද්ධියට සම්බන්ධ ඉඩම් හිමියාට නැවත මෙවැනි දෙයක් සිදු නොකිරීම සඳහා උපදෙස් ලබා දුන් බවත්ය.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මත කිරිමැටියාන මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක හර්ශන, දංකොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අසේල හේරත් යන මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාත්තන්ඩිය ප්‍රා. සභාවෙන් ගෙනා කුණු බෝතලේගම කුඹුරුවලට ගසාගෙන යයි