IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නාගොඩ මහරෝහලේ කනිෂ්ඨ සේවකයෝත් වර්ජනයේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉල්ලීම් එකොළහක් මුල් කරගනිමින් නාගොඩ මහ රෝහලේ  කණිෂ්ඨ රෝහල් සේවකයෝ අද(17)  පැය 4ක වැඩ වර්ජනයකට එක් වූහ.

කණිෂ්ඨ රෝහල්  සේවක සේවිකාවන් 150 ක් පමණ පිරිසක් රෝහලේ භික්ෂු වාට්ටුව ආසන්නයේ තැන තැන රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

රෝහලේ සිටින 676 ක්වූ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයෙහි 230 දෙනෙක් දිවා  සේවයට වාර්තා කර ඇති අතර එයින් 160 දෙනකු වැඩ වර්ජනයේ නිරතව ඇති බව රෝහල් බලධාරියෙක් පැවසීය.

එහෙත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතු බැවින් කණිෂ්ඨ සේවකයින් 70 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාර, මුළුතැන්ගෙය, රසායනාගාර  ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා යොමු කර ඇති බව රෝහල්  බලධාරියා වැඩිදුරටත් කීය.

වර්ජනය පෙරවරු 8 ට ආරම්භ වී 12.00 දක්වා පැවති අතර මේ හේතුවෙන් බාහිර රෝගී අංශය සහ සායන වෙත පැමිණි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට පත් විය.



අදහස් (0)

නාගොඩ මහරෝහලේ කනිෂ්ඨ සේවකයෝත් වර්ජනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site