IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

වැල්ලම්පිටිය සාලමුල්ල, ගමගේවත්ත ප්‍රදේශයේ ඉකුත් (31) දින පුද්ගලයකුට වෙඩි තබා බරපතල  තුවාල සිදු කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ  සිටින මත්කුඩු ජාවාරම්කරුවකු  සිටින ධනුෂ්ක නැමැත්තා ගේ අනු දැනුම මත සිදුව ඇති බව  තොරතුරු හෙළිව ඇති බව   පොලිසිය පවසයි.

 මෙම වෙඩි තැබීම සදහා  යතුරු පැදි  සහ අවශ්‍ය සහය  ලබා  දී ආධාර අනුබල ලබා දීම  සම්බන්ධයෙන්  ධනුෂ්ක නැමැත්තාගේ   ගෝලයකු    කොලොන්නාව ප්‍රදේශයේ   ඊයේ  (6)  සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුට අයත්   අංගොඩ නිවසේ  තිබී  මෙරට නිශ්පාදිත ගල්කටස්  වර්ගයේ ගිනි අවියක්, එයට යොදන ටී 56 උණ්ඩ 3 ක් හා   හොරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මොහුගේ නිවසේ තිබී ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර  එහි සිද්ධිය වු දින හා මේ දක්වා සැකකරු ධනුෂ්ක නැමැත්තා සමග  සංවාදයේ යෙදී ඇති අයුරු හෙළි වු බවද පොලිසිය පවසයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා ධනුෂ්ක නැමැත්තා සමග කාලයක්   මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවත්,  ඒ සදහා මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල්කරගෙන ධනුෂ්ක නමැත්තා සමග අමනාපෙන් සිටින  බවට තොරතුරු හෙළි වු බවත්,  එම සිද්ධිය    මුල්කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්  පොලිසිය සැකකරයි.

වෙඩි තැබීම   සදහා  යොදාගත්  යතුරු පැදිය ලබා දී ඇත්තේ ද අත්අඩංගුවට ගත් සැකකරු බවද පොලිසිය කියයි.

සැකකරුගේ ආධාර අනුබල ලබා දීම  මත වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු හා     පසුපස පැමිණි පුද්ගලයන්  හදුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

ධනුෂ්කගේ ගෝලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site