IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දී ඇල් ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ලේ 2,882 ක් අවතැන්

(ආනන්ද ඉ ජයකොඩි)

දී ඇල් ඔය පිටාර ගැලීම හේතුවෙන් අද (04) උදෑසන වන විට අත්තනගල්ල කොට්ඨාශයේ ග්‍රාම   සේවා වසම් විසි දෙකක නිවාස 737 ක් ජලයෙන් යට වී පුද්ගලයින්  2,882 ක් අවතැන් වී සිටින බව  අත්තනගල්ල ආපදා සහන සේවා නිලධාරී ටී බී නිර්මාල් මහතා පැවසීය.

තල්ගස්මොටේ ,  හිරිපිටිය ,  වේයන්ගොඩ මැද්දවත්ත , වියලගොඩ හා කඳ ඔළුවාව ඇතුළු ගම්මාන විසි දෙකක් එසේ ජලයෙන් යට වී ඇති බවත් එම  පවුල් වලට අයත් පුද්ගලයින් දෙදහස් අට සිය අසූ දෙදෙනෙක් අවතැන් වී සිටින බවත් ඔවුන් සියළු දෙනාට ඊයේ (03) රාත්‍රී  සිට පිසූ ආහාර ලබා දුන් බවද ආපදා සහන සේවා නිලධාරී වරයා කීය.

හමුදා සහායෙන් බෝට්ටු තුනක් යොදා ගෙන කඳ ඔළුවාව හා මැද්දවත්ත ප්‍රදේශයේ අවතැන් වී සිටින ජනතාවට  පිසූ ආහාර ලබා දීම සිදු කළ බවද ආපදා සහන සේවා නිලධාරී වරයා සදහන් කළේය.

ජලයෙන් යට වීම හේතුවෙන් නිවාසවල රැඳී සිටීමට නොහැකිම පිරිස් ඊයේ (03) රාත්‍රීයේම බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථාන වලට රැගෙන ආ බව සදහන් කළ ආපදා සහන සේවා නිලධාරී වරයා දැනට නිවාස කැඩී යාමක් වාර්තා වී නැති නමුත් ජලය බැස යාමෙන් පසුව සිදු වී ඇති හානි සොයා බලා ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්නා බවද පැවසීය.

 



අදහස් (0)

දී ඇල් ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ලේ 2,882 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site