(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට දියවිනි ඇල්ලෙන් පහළට වැටි ආර්ථික සංවර්ධන නිළධාරිවරයකු ඉකුත් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
කැගල්ල හෙටිටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව ජයලත් අමිල ප්‍රසාද් විදුරංග නැමැති 30 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ ප්‍රදේශයේ සිටින ඥාති නිවසකට තවත් පිරිසක් සමග කල්තොට දියවිනි ඇල්ලේ දිය නැමට ගොස් ඇති අතර වර්ෂාවත් සමග ජල පහර වැඩි වීමෙන් ඔහු ජලයේ ගසාගෙන ගොස් ඇල්ලෙන් පහලට ඇඳ වැටි අතුරුදන් විය.
පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කල මෙහෙයුමකදී රාත්‍රියේ ඔහුගේ සිරුර හමු වු බව පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd