
(කුෂාන් ජයවර්ධන)
රාජාංගනය ජලාශයට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහ කළ තරුණියකගේ දිවි බේරාගැනීමට රාජාංගනය ජලාශයේ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් අද (26) සමත් වී තිබේ.
මෙලෙස වැවට පැන දිවි හානි කරගැනීමට උත්සහ කර ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් බව පොලිසිය කීය.
තරුණිය ජලාශයට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය දුටු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී තරුණිය බේරා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
තරුණිය බේරාගෙන ගොඩට ගැනීමෙන් අනතුරුව ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා තරුණිය තඹුත්තේගම දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.