IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැරියක් රක්ෂිතයක රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන)

බාල වයස්කාර  දැරියක  දින  දෙකක  කාලයක්  බලන්ගොඩ " හාගය " නැමැති  රක්ෂිතයේ   වාඩියක  රදවාගෙන සිටි තරුණයන් දෙදෙනෙකු  අද (27) දා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචි14 හැවිරිදි  එම දැරිය  බලන්ගොඩ  මුලික රෝහට ඇතුලත් කර ඇති බව ද පොලිසිය පැවැසීය. අවුරුදු  21 සහ  27 වයස්වල පසුවෙන තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගේ අත් බෑගය  වෙළඳසලකදි සොරකම්  කරගෙන ගොස් ඇති බවට දැරිය මව විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පොලිසියට අනාවරණය  වී ඇත්තේ  ඇය   තරුණයන් දෙදෙනකු  සමග ඉඔුල්පේ  හාගල රක්ෂිතයේ වාඩියක දින දෙකක කාලයක් ගත කර ඇති බවත්  එම  වාඩියේදි  මෙම  අත් බෑගය  සොරකම්  කර ගෙන ගොස් ඇති බවත්ය.

බාල වයස්කාර දැරියක්  රදවාගෙන  සිටීමේ චෝදනාව යටතේ  අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා  අද  (27) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව  ඇත.



අදහස් (0)

දැරියක් රක්ෂිතයක රඳවාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site