IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දැරියකගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)
අභිරහස් ලෙස මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පාසල් දැරියකගේ මළ සිරුරක් කොත්මලා ජලාශයට ජලය සැපයෙන ඩෙස්පෝඩ් ප්‍රදේශයේ ඇළ  මාර්ගයක් අසල තිබියදී අද (29) සොයාගත් බව නානුඔය පොලීසිය පවසයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය, ඇබස්බෝඩ් දෙමළ විදුහලේ 10 වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙස්පෝඩ් වත්තේ පහල කොටසේ පදිංචි මහේන්ද්‍රන් යශෝදා (15) නැමැති පාසල් සිසුවියකගේ බවට පොලීසිය සොයා ගෙන තිබේ.
 
තම දියණිය ඊයේ (28) රාත්‍රී 10.30 පමණ වනතුරුත් නිවසේ පාඩම් කටයුතුවල නිරතව සිටි බවත්, පසුව පාන්දර 2.30 ට පමණ අනෙක් දරුවාගේ අවශ්‍යතාවයක් මත ඇහරී බලන විට දියණිය නිවසේ කාමරයේ  නොසිටි බවත් ඉන් පසුව නිවස ආසන්නයේ සෑම තැනකම සොයා ලැබු බවත්  මියගිය දැරියගේ මව පොලීසියට පවසා තිබේ.
 
 තේ දළු නෙලීමට යමින් සිටි වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පළමුව මෙම දැරියගේ මළසිරුර දැක පසුව පොලීසියට පවසා තිබිණි.

 මෙලෙස අභිහරස් ලෙස මියගොස් ඇති දැරියගේ මළසිරුර පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරික්ෂණයෙන් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගන්නා බව නානුඔය පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලීසිය පුළුල්  විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

දැරියකගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site