IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට

 

(එම්.සුසිල් ප්‍රියන්ත)

සිය දුව අපයෝජනය කළා යයි කියන පියෙකු අද (18) අහුන්ගල්ල පොලතුපළාත ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

සැකකරුගේ  දියණිය කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

හතලිස්තුන් හැවිරිදි සැකකරු පැවිදිව සිට සිවුරු හැර ගිය අයෙකු බවත්, ඔහු පැවදිව සිටියදී විහාරස්ථානයට පැමිණි දායිකාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් පැමිණිළි රැසක් ඇති අයෙක් බවත් පොලීසිය කියයි.

සැකකාර පියා අතින් අපයෝජනය වී ඇතැයි කියන 17 හැවිරිදි දියණිය වෛද්‍ය පරීක්ෂණය සදහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය කියයි.

සැකකරුගේ භාර්‍යාව ඔහු අතහැර ගොස් ඇති බවද පවසන පොලීසිය ඔහුව හෙට (19) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කීවේය.

අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දියණිය අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site