IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දියණියන් දෙදෙනා මහමග දමා ගිය මාමා සොයයි


(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )

වතුගෙදර ආඳාදොළ ප්‍රදේශයේ සිය නිවසේ සිටි 10 හැවිරිදි හා 05 හැවිරිදි දියණියන් දෙදෙනෙකු අද (23 ) දහවල්  රැගෙන ගොස් කුරුඳුවත්ත ප්‍රදේශයේ මහ මග දමා ගිය ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

මේ දියණියන් දෙදෙනාගේ මව අද (23)  ගමේ විහාරස්ථානයට දානය රැගෙන ගොස් සිටියදී නිවසේ සිටි දියණියන් දෙදෙනා මව සිටින තැනට රැගෙන යන්නේ  යයි කියමින් ත්‍රි රෝද රථ රියදුරෙකු විසින් ඔවුන් දෙදෙනා සිය රථයේ නංවාගෙන ගොස් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේ  මහමග දමා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ  අම්බලන්ගොඩ කන්දේගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයද පැන හඬමින් ඉදිරියට පැමිණෙමින් සිටි මෙම සහෝදරියන් දෙදෙනා ප්‍රදේශවාසීන්ට හමුවීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව මහමග දමාගිය මේ දැරිවියන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මේ දියණියන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී, මාමා කෙනෙකු  සිය නිවසට පැමිණ අම්මා සිටින තැනට එක්ක යනවා යයි කියමින් තමන් දෙදෙනා ඔහුගේ ත්‍රි රෝද රථයට නංවාගෙන ගොස් අතරමග දමා ගිය බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දියණියන් දෙදෙනා මහමග දමා ගිය මාමා සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site