IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුලු ඔයට මායිම්ව තේක්ක දැව ජාවාරමක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ඉබ්බන්කටුව සහ කලාවැව ජලාශයට ජලය රැගෙන යන දඹුලු ඔයට මායිම්ව ඇති තේක්ක ගස් කපා දැව  බවට පත් කිරීමේ ජාවාරමක් වැටලීමට දඹුල්ල පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් අද ( 07) දින පෙරවරුවේ සමත් විය.

පොලිසියට සහ දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ විශාල පෞද්ගලික  ඉඩමක ඉතා සූක්ෂම ලෙස දඹුලු ඔයට මායිම්ව ඇති ඔය රක්ෂිතයේ ඇති තේක්ක දැව ගස් කපා යන්ත්‍ර  සූත්‍ර යොදා ඉරණ ස්ථානය    වැටලීමට ලක්  කළේය.


ඒ අනුව මෙම ස්ථානයේ දැව හෙළමින් සහ ඉරමින් ඇසිටි  පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගත් අතර යාන්ත්‍රික කියත් පට්ටල දෙකක් ටැක්ටර් රථ හ ස්වංක්‍රීය ගස් කැපීම සඳහා යොදා ගන්නා කියත් විශාල ගස් ප්‍රමාණයක ඉරන ලද දැව  තොගයක් මෙන්ම කපා බිම හෙළා ඇති විශාල තේක්ක කඳන් ප්‍රමාණයක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.


මෙම  දැව කැපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නම සඳහන් කරමින් ඔවුන්  ජාවාරම සිදු කර ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය .


ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පමණක් සීමා වී ඇති ඉරුම් පට්ටල   නිතියේ සඳහන් ව තිබුණ ද මේවා පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ  පදිංචිකරුවන් ලවා දැව කැපීම ඉරීම සිදුකරන බව ඒ මහතා සඳහන් කළේය.


මෙම ස්ථානය පොලිසිය පරික්ෂා කිරීමේ දී යුද හමුදාව නිල ලාංඡනය සහිත නිල ඇඳුමක කොටසක්ද සොයාගත් බව පොලීසිය කියයි.


දින ගණනාවක්තිස්සේ  විශාල ගස් ප්‍රමාණයක් කිසිදු අවසරයකින් බලපත්‍රයකින් තොරව මෙය සිදුකර ඇති බව  දඹුල්ල  බීට්ටු නිලධාරී  දයානන්ද බණ්ඩා මහතා වැඩිදුරටත් කියා සිටිමින් පෙන්වා දී සිටියේ ඇල රක්ෂිතයේ සිට විශාල ප්‍රමාණයක් සංරක්ෂණ ප්‍රදේශ බවය . කෙසේ වෙතත් මෙම ඇලට මායිම්ව  ගස් කපා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
 

 



අදහස් (0)

දඹුලු ඔයට මායිම්ව තේක්ක දැව ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site