IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්



(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මූලික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (05) පෙරවරුවේ විවෘත කෙරිණි.

එසේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්වූයේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදි කරන ලද අංග සම්පූර්ණ දඹුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉතා කෙටි කාලයකින් නිම කරන ලද්දකි.

මාතලේ  දිස්ත්‍රික්කයේ  විශාල ජනගහනයක් පවතින, එමෙන්ම උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ යන පළාත් කිහිපයකම පදිංචි කරුවන් රැසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන දඹුල්ල මූලික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම යටතේ මෙම රෝහල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකෙන හදිසි ප්‍රතිකාර ඒකකය ආරම්භ කළ බව වෛද්‍යවරු පවසති.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ රුපියල් ලක්ෂ 20ක මුදලක් රෝහලට පරිත්‍යාග කිරීමද සිදුකෙරිණි.  දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතාට  අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් එම මුදල් ලබාදීම ද සිදු කෙරිණි.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් ප්‍රකාශ කිරීම සිදු කරන ලදී.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් ඇතුළු මහා සංඝ රත්නයේ ආශිර්වාද සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කෙරිණි.

මධ්‍යම පළාතේ ඇති ඉහළම ගුණාංගයෙන් යුතු අංගසම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකය නිම කිරීමට හැකිවූ බව ඉදිකිරීම් භාර නිලධාරිහු පවසති.



අදහස් (0)

දඹුල්ල රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site