IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දෑත් සේදීම ඉවතට


(කාංචන කුමාර ආරියදාස)
 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද(30)විවෘත කර තිබුණද, ඇතුළුවන දොරටුවල  ඉදිරිපිට  දෑත්සේදීම සඳහා යොදා තිබූ සියලු පහසුකම් ඉවත් කර තිබීම නිසා එහි පැමිණ සිටි ගොවීහු, ව්‍යාපාරිකයෝ, වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.
 
ප්‍රධාන මාර්ගය ඉදිරිපිට  කානු පද්ධතිය අලුත්වැඩියා කිරීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපස සවිකර තිබූ දෑත  සේදීමේ පහසුකම් ඉවත්කිර තිබිණි. කෙසේනමුත් ඒ වෙනුවට කිසිදු විකල්පයක් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය නොගැනීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබූ බව ව්‍යාපාරිකයෝ පවසති.
 
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කොවිඩ්  වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ(29) අනාවරණය වී තිබිණි.  බහුතර පිරිසක් මුඛ ආවරණ පැළඳ සිටිනු දැකගැනීමට හැකිවූ අතර එහෙත් දෑත් සේදීම සහ මීටරයක දුර පවත්වාගෙන යෑම සිදු නොවන අයුරුද එහිදී දැක ගැනීමට හැකි විය. ඇතැම් කණ්ඩායම් මුඛ ආවරණ නිසි ලෙස පැළඳීමකින් තොරව වෙළඳාම් කටයුතු වල නිරතවෙති.
 
ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් අතුළු වන සෑම පුද්ගලයෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම සහ වාහන අංක සටහන් කර ගැනීම සිදු කරන අතර දෑත් සේදීම සඳහා අවවාද ආර්ථික මධ්‍යස්ථානයේ ශබ්දවිකාශන මන්ත්‍ර මගින් ලබාදෙන අයුරු ද දැක ගැනීමට හැකි විය.එහෙත් දෑත් සේදීම සඳහා ජලය හෝ පහසුකම් කිසිවක් නැත.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරෑවුල මහතා කියා සිටියේ කාණු පද්ධතිය නඩත්තු කිරීමේ කටයුතු ඊයේ(29) පොහෝ දින සිදු කළ බවත් එහෙත් එය අවසන් කර ගැනීමට නොහැකි වූ නිසා දෑත් සේදීම සඳහා යොදවා තිබූ ජල නල පද්ධතිය ඉවත් කර ඇති බවත්ය. හදිසි තත්ත්වය මත තාවකාලිකව හෝ ජල නල පද්ධතියක් සවි කිරීමට නොහැකි වීම ගැන ද ඔහුගෙන් විමසීමේ දී කියා සිටියේ එහි වගකීම කළමනාකරණ භාරයේ පවතින බවත් කඩිනමින් යතා තත්වයට පත් කරන බවත්ය.
 
එමෙන්ම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද උදෑසන වන විට ගොවීන්ගේ එළවළු අස්වනු අලෙවි කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් පැවති අතර එළවළු වර්ග කිහිපයකම  මිල ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.


 



අදහස් (1)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දෑත් සේදීම ඉවතට

දිමුත් Monday, 30 November 2020 06:23 AM

සමහර පාසල්වලත් තත්වය මේ වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site