IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුම්රිය මැදිරි 4ක් ලීයෙන් ප්‍රතිනිර්මාණය කරයි


(රේඛා තරංගනී ෆොන්සේකා)
 
වසර 30ක් ඉපැරණි යකඩ මැදිරි හතරක් ලී මැදිරි ලෙස ප්‍රති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල රත්මලාන දුම්රිය අංගන වැඩවීමේ සිදුකෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද(14) පැවසීය.

එක් මැදිරියක් රුපියල් ලක්ෂ 80ක  පමණ වියදමින් ඉදිකෙරේ.
 
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ අදහසකට අනුව නිමවෙන මෙම ලී මැදිරියේ විදේශීය සංචාරකයින්ගේ කන්ද උඩරට දුම්රිය ගමන් පහසුව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.
 
ඉන්දියාවෙන් වසර 30ට පමන පෙර ආනයනය කරන ලද මෙම යකඩ මැදිරි මීට පෙර රාත්‍රී තැපැල් දුම්රියන් සඳහා භාවිතා කර ඇති අතර මේ වන විට ලී මැදිරි ලෙස නිර්මාණය කිරීම දුම්රිය වඩු කාර්මිකයන්ගේ දායකත්වයෙන් සිදු වන බව ඒ මහතා පැවසීය.මේ සඳහා තේක්ක සහ මහෝගනී ලී විශේෂ භාවිතා කර ඇති අතර විශේෂිත වූ කැටයම් ක්‍රම ද නිර්මාණය කොට තිබීම විශේෂත්වයකි.
 
එක් මැදිරියක් දිග අඩි 45 ක් සහ පළල අඩි 9ක් වන ලෙස නිර්මාණය කර ඇති අතර මගීන් 24 දෙනෙකුට සුඛෝපභෝගී ලෙස ඉතා පහසුවෙන් මෙම මැදිරි තුළ ගමන් කිරීමට හැකියාව පවතින බව ඒ මහතා පැවසීය.
 
මැදිරි නිමවීම ව්‍යාපෘතිය අධිකාරි ඉංජිනේරු (ව්‍යාපෘති) සංවර්ධන යේ ජී.ඒ ක්‍රිශන්ත මහතාගේ මෙහෙයවීමෙන් රත්මලාන වැඩ බිමේ සේවක මහත්වරුන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.



අදහස් (3)

දුම්රිය මැදිරි 4ක් ලීයෙන් ප්‍රතිනිර්මාණය කරයි

thissa Sunday, 14 February 2021 07:40 AM

හොද වැඩක් ඉදිරියටම යමු ජයවේවා

:       0       0

upali Sunday, 14 February 2021 06:17 PM

නියම වැඩක්

:       0       0

Chula Ekanayake Monday, 15 February 2021 12:54 AM

ඉතා වටිනා අගය කළ යුතු වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site