(සිරංගිකා ලොකුකරවිට)
හබරාදුව, කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ විජේසිරි ගුණවර්ධන සොමිරත්න (67) නැමැති තල්පේ කහවැන්නගම පදිංචි එක් දරු පියෙකි.
ගාල්ල නගරයේ ව්‍යාපාරිකයකු වන ඔහු සෑම දිනකම උදෑසන 5.00 ට පමණ නිවසින් පිටත්ව නගරයට යන බවත් අද උදෑසන ද සුපුරුදු පරිදි නිවසින් පිටත්ව යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
දේහය තල්පේ දුම්රිය ස්ථානයට භාර දී එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් තිබූ අතර පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යොමුකර තිබිණි.
සිරුර සම්බන්ද මරණ පරීක්ෂණය හබරාදුව දොඩම්පේ හදිසි මරණ පරීක්ෂක එන්.බී.ගීතා චතුරානි මහත්මිය විසින් සිදුකිරීමට නියමිතය.
හබරාදුව පොලිසීය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රියේ ගැටී එක්දරු පියා මරුට