IMG-LOGO

දීපවාලි උත්සවය නිවසේ සිටම සමරන්න


(රංජිත් රාජපක්ෂ)
 
නොවැම්බර් 14 දිනට යෙදෙන දීපාවලි උත්සවය  සැණකෙලි නොපවත්වා සංචරණය නොකරමින් නිවසේ සිටම සමරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ජනතාවට දැනුම් දුන්නේය.
 
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද(10) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීය.
 
කොවිඩ් -19 වයිරසය ආසාදනය වු රොගීන් 50 දෙනෙකු පමණ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත්, ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වු බවත් පුෂ්පකුමාර මහතා කීය.
 
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලේකම්වරයා මෙසේ කියා සිටියේය.
 
"වතුකරයේ කොවිඩ් -19 වයිරසය වේගයෙන් පැතිරිලා යනවා. වතුකරයේ ජනතාවගේ නිවාස පිහිටලා තියෙන විදිහ සහ ජන ජීවිතය අනුව එලෙස පැතිරිලා යන්න ඉඩ කඩක් තියෙනවා. ලැයිම් නිවාසයක විශාල පිරිසක් ජීවත් වෙනවා. එක ගොඩනැගිල්ලක විශාල පවුල් සංඛ්‍යාවක් තියෙනවා.බොහෝවිට පොදු වැසිකිලි පද්ධතියක් තමයි තියෙන්නේ.

දීපාවලි උත්සවය හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක්. සමාන්‍යය තත්ත්වය යටතේ හින්දු ජනතාව මෙම උත්සවය සැණකෙලි ස්වභාවයෙන් තමයි සමරන්නේ.මේ පවතින වයිරස් අවදානම සමග එසේ සැණකෙලි පැවැත්වුවොත් වයිරසය පැතිර යාමේ දැඩි අවදානමක් තියෙනවා.

අපි හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේක ආගමික උත්සවයක් ලෙස සලකලා නිවසේ සිටම ආගමික වතාවන් සිදු කරන ලෙසයි.හින්දු කොවිල්වල කුරුක්කල්වරුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය උපදෙස් අනුව, ආගමික වතාවත්වලට සීමිත පිරිසක් පමණක් සහභාගි කරගෙන කරන්න කියලා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා කරන වතුකරයේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලන්නේ ඒ ඒ ප්‍රදේශවල ඉන්න තැනම ඉන්න වතුකරයට පැමිණීම අවම කරන්න කියලා. සමහර විට ඔබ දීපවාලි සමරන්න එද්දි කොවිඩ් -19 වයිරසයත් අරගෙන එන්න පුලුවන්. එවිට ඔබේ පවුලේ සැමට ආසාදනය වෙන්න පුලුවන්.ඔබ වතුකරයේ නිවාසවලට පැමිණෙනවානම් සංචරණය සිමා කරන්න.වතුකරය පුරා ඇවිදින්නේ නැතුව ගෙදර අය සමග ආගමික වතාවන් සිදු කරලා ආපසු යන්න.වතුකරයේ ජනතාව වයිරසයෙන් බේරාගැනීම සදහා තමයි අප මේ ඉල්ලීම කරන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසා දමන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන්. නමුන් සුරාසැල් වසානවාද නැද්ද යන්න අපි දන්නේ නැහැ'' යනුවෙන් පැවසිය.



අදහස් (0)

දීපවාලි උත්සවය නිවසේ සිටම සමරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 175 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 501 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site