IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට

(ජේ.කේ.එල් චාමින්ද)

පාසල් විවෘත කිරීම හා කාර්යාල සේවකයින් සිය කාර්යාලවලට වාර්තා කිරීමත් සමග දකුණු පළාතේ ලංගමයේ දිනක ආදායම ලක්ෂ 6කින්  වැඩි වී ඇති බැව්  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු  පළාත් කාර්යාලයේ ප්‍රධාන කළමණාකරු ආර්.වී  ප්‍රභාත් කුමාර මහතා පවසයි.
 
පාසල් ගුරුවරු, කාර්යමණ්ඩල, කාර්යාල සේවකයින් හා පාසල් දරු දැරියන්  පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම මිට හේතුව බවද හෙතෙම පවසයි. කොරෝනා වසංගතයත් සමග දිනක ආදායම රුපියල් ලක්ෂ 25 දක්වා පහත වැටුණු බවත් මේ වනවිට එම ආදායම ලක්ෂ 30, 31 දක්වා වැඩිවෙමින් තිබෙන බවත් ප්‍රභාත් කුමාර මහතා පවසයි.
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ඩිපෝ 11ක් පාලනය වන අතර සැම ඩිපෝවක් මගින් බස්රථයක් පිටවීමේ දි හා යලි ඩිපෝව තුලට ඇතුලත්වීමේ දි එම බස්රථ විෂබීජහරණය කරණ බවද ඒ මහතා පවසයි. කොරෝනා වසංගත තත්වය හමුවේ දකුණු පළාත තුල පසුගිය සතියේ ලංගම බස්රථ 325ක් දෛනිකව ධාවනය වු බවත් අද(30) දින ධාවනය කරන බස්රථ සංඛ්‍යාව 400 දක්වා වැඩිකිරීමට සැලසුම්කොට ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව කොළඹ නගරය බලා සෑම ඩිපෝවකින්ම බස්රථ 04ක් යෙදවිමට සැලසුම්කොට ඇති බවද මගින්ගේ අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයතු කරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 



අදහස් (0)

දකුණේ ලංගම දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site