(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්,හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු රෝහල තුළම ස්වයං නිරෝධානයට යොමු කළ බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය ජේ.අරුල් මහතා පැවසිය.
හැටන් ප්‍රදේශයේ පදිංචි රෝගියකු එකෝ පරික්ෂණයක් සදහා රෝහලට පැමිණ ඇති අතර , පසුව එම රෝගියාව ගිලන් රථයක් මගින් මහනුවර ශික්ෂණ රෝහල වෙත තවත් රෝගීයකු සමග යොමු කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලේ දි එම රෝගියාගේ සිදු කළ පි.සි.ආර් පරික්ෂණය අනුව එකෝ පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිමට පැමිණ සිටි රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.
එම රෝගීයාගේ ළගම ආශ්‍රිතයන් වු දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
මේ අතර අසාදිතයාගේ හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ පවුලේ සාමාජිකයන් ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කෙරිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දික්ඔය රෝහලේ 15 ක් නිරෝධායනයට