IMG-LOGO

තේ ‍පෙහොර ඉල්ලා තල්ගස්වල උද්ඝෝෂණයක්

( එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)

තේ වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (21) උදේ තල්ගස්වල නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් පැවැත්විණ.

කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපති නිශාන්ත පෙරේරා, එම සංවිධානයේ ගාලු දිස්ත්‍රික් සංවිධායක පී.කේ.ජයසුන්දර සහ නාගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු කුඩා තේ වතුහිමියන්  පිරිසකගේ සහභාගීත්වයෙන් මේ උද්ඝෝෂණය පැවැත්විණ.

රටට ඩොලර් නැති නිසා රජය පොහෝර ආනයනයෙන් වැලකී සිටින බවත් පොහෝර නැති නිසා තමන්ගේ තේ වගාව මේ වනවිට විශාල ලෙස විනාශ වෙමින් පවතින බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.

තේ පොහොර නැතිකමෙන් තේ වගාවට සිදුවන විනාශය ඇතුලත් විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුහු පැයක් පමණ විරෝධතාවයේ යෙදී සිටියහ.

මේ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට නාගොඩ පොලීසියේ පොලිස් කණ්ඩායමද කැදවා තිබෙනු දක්නට ලැබිණ.



අදහස් (0)

තේ ‍පෙහොර ඉල්ලා තල්ගස්වල උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site