(කේ.ආර්.රාජමන්ත්රී )
ඌවපරණගම නහකඩිය හන්දියේදි සිදුකළ වාහන පරීක්ෂාවකදි තහනම් පිහි වර්ග 05ක්, ගංජා මිලිග්‍රෑම් 1060ක්, නිධන් හෑරීමට ගන්න පුජා භාණ්ඩ සමඟ පුද්ගලයන් 7කු අත්අඩංගුවට ගත් බව ඌවපරණගම පොලිසිය පවසයි.
ඌවපරණගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගයේ නහකඩිය හන්දිය අසල කල් ඉකුත්වූ ආදායම් බලපත්‍රයක් සහිත වෑන් රථයක් පරීක්ෂා කරමින් සිටියදී, ආසන යට සැඟවූ මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් වයස අවුරුදු 48 හා 28 අතර පසුවන තණමල්විල පදිංචි කරුවන් බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තණමල්විල සිට උඩුපුස්සල්ලාව හරහා මහනුවර දක්වා වෑන්රථයක් කුලි ගමනක් යන බවට ප්‍රකාශ කළ බවත්, තහනම් පිහි සහ සෙසු භාණ්ඩ රැගෙන යමින් සිටියේ, නිධානයක් ගැනීමට හෝ වෙනත් අපරාධයක් සඳහාදැයි පරීක්ෂා කරන බවත් පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තහනම් පිහි සමඟ 7ක් දැලේ