
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කලපුවේ තිබුණු නීති විරෝධී කූඩු දැල් කට්ටල 370 ක් අද (02) අත්අඩංගුවට ගත්බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්‍යාලයේ නිලධාරියෙකු පැවසීය.
මෙම වැටලීම සඳහා කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහය ලැබී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම වැටලීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා මෙසේ පැවසුවේ ය.
"1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනතට අනුව සහ මිරිදිය කළමනාකරණ නියෝග අනුව දැල් ඇස් ප්‍රමානය මිලිමීටර 80 ට අඩු දැල් ඇස් සහිත දැල් පරිහරනය තහනම්.
මෙම කූඩු දැල් ඇස මිලිමීටර හතරක් පමණ කුඩායි.එම නිසා මේ දැල මසුන්ට මර උගුලක්.කුඩා මත්ස්‍ය පැටවුන් මේ දැලට හසු වෙනවා.
අනෙක් අතට අනෙකුත් ධීවර කාර්මිකයින්ට මෙම දැල් ඇටවුම් විශාල අවහිරයක්.ඔවුන්ගේ දැල්වල පැටලවෙනවා.‘‘ යැයි ඒ මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සියලු දැල් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිත බව පොලිසිය කීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.