IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තහනම් කළ ඇල්ලේ හෝටලයේ ඉදිකිරීම් යළි අරඹලා

(නයනජිව බන්ඩාර)

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කිසිදු ඉදිකිරිමකට අවසර ලබාදි නොතිබියදි අමිපාර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වැල්ලවාය ඇල්ල මාර්ගයේ 16 කනුව ප්‍රදේශයේ අධික ලෙස නාය යෑමට ලක්වන ස්ථානයක හෝටලයක් ඉදිකිරිම සදහා ස්කැවෙිටර් යන්ත්‍රයක් යොදා මාර්ගයක් ඉදිකරමින් ඇතැයි ප්‍රදේශවාසිහු කියති.

මෙම ව්‍යාපාරිකයා මීට ප්‍රථමද මෙම ස්ථානය ඩෝසරයක් යොදාගෙන එළිපෙහෙලි කරමින් සිටියදි , ප්‍රදේශවාසින්ගෙන් ලැබුනු පැමිණිලි හා ජනමාධ්‍ය මගින් මෙි පිලිබදව තොරතුරු අනාවරණය කිරිමෙන් පසු ඇල්ල ප්‍රාදේශිය ලේකමිවරියගේ ප්‍රධානත්වයෙන් යුතු නිළධාරින් පිරිසක් ගොස් සිදුකල ස්ථාණිය පරික්ෂණයකින් පසු මෙම ස්ථානයේ කිසිදු ඉදිකිරිමක් සදහා අවසර ලබාදිය නොහැකිබව දැනුමි දිමෙන් පසු එහි වැඩකටයුතු තාවකාලිකව ඇනහිට තිබු බව ප්‍රදේශවාසින් පෙන්වා දෙති.


මෙම ඉදිකිරිම සිදුකරන ව්‍යාපාරිකයාට මෙම ස්ථානයේ කුඔුරු ඉඩමක්ද සහිතව අක්කර 06ක් සදහා සින්නක්කර ඔප්පුවක් ඇති බව අනාවරණය වි ඇත.


අප මෙි පිලිබදව ඇල්ල ප්‍රාදේශිය ලේකමි කේ.ඒ.ජේ ප්‍රියංගිකා මහත්මියගෙන් කල විමසිමකදි ඒ මහත්මිය මෙසේ පැවසුවාය.

“ අධික ලෙස නාය යෑමට ලක්වෙන ස්ථානයක පුද්ගලයෙකු හෝටලයක් ඉදිකරන්න ස්ථානයක් එළිපෙහෙලි කරන බවට අපිට ලැබුනු පැමිණිල්ලකට අනුව මමත්,ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,ප්‍රාදේශිය සභාව,වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුව,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිපයක නිළධාරින් මෙම ස්ථානය නිරික්ෂණය කලා, මෙහිදි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දුන්නේ මෙම ස්ථානය කිසිදු ඉදිකිරිමකට සුදුසු නැති බවයි.අපගේ නිරික්ෂණයද වුනේ එයයි.ඒ නිසා අපිට මෙි සදහා අවසර ලබාදිය නොහැකිබවත්,ඒ නිසා මෙම ඉදිකිරිමි නතරකරන ලෙසත් මෙම ව්‍යාපාරිකයාට උපදේස් දුන්නා.නමුත් මෙි ව්‍යාපාරිකයා මෙම ඉදිකිරිම සදහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කොළඹ කාර්යාලයෙන් අවසර ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපිට තොරතුරැ ලැබිලා තියෙනවා.

ඒ තත්වය යටතේ මෙි පුද්ගලයා නැවත වරක් ස්කැවෙිටර් යන්ත්‍රයක් යොදාගෙන ඉදිකිරිමි සිදුකරන බවට ලද තොරතුරකට අනුව මම ඊයේ (19)එම ස්ථානය පරික්ෂා කරන්න ආපදා කළමනාකරණ ආයතනයේ නිළධාරින් පිටත් කලා එහිදි මට දැනගන්න ලැබුනේ ගොවිජන සේවා දෙපාර්තමෙින්තුවෙි අවසරයක් සහිතව ඔහුගේ කුඹුරැ ඉඩම වගාවකට සුදානමි කරනවා කියලයි. මෙම ව්‍යාපාරිකයා ගොවිජන සේවා දෙපාර්තමෙින්තුවෙන් කුඹුර සකසාගන්න කල ඉල්ලිම මටත් ලැබුනා.



අදහස් (0)

තහනම් කළ ඇල්ලේ හෝටලයේ ඉදිකිරීම් යළි අරඹලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site