(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ නගරයේ පිහිටි වෙළෙඳසැළක් ගිනි ගැනීමකට ලක්ව අද (18) විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
පාරිභෝගික භාණ්ඩ අළෙවි වෙළෙඳසැළක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි තිබූ භාණ්ඩ ඇතුළු අනෙකුත් දෑ ගිනි ගැනීමෙන් විනාශයට පත්ව තිබේ. ගිනි ගැනීමෙන් එම වෙළෙඳ සැළට දැඩි අලාභ හානි සිදුව තිබිණි.
තලවකැලේ පොලීසිය හා නගර වැසියන් එක්ව වෙළෙඳ සැලේ ගින්න නිවා අනෙකුත් වෙළෙදසැල්වලට ගින්න පැතිරීයාම වැළැක්වීමට පියවර ගෙන තිබිණි.
ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තලවකැලේ වෙළඳසළක් ගිනි ගනී